Gossips

තියුණු ආයුධවලින් පහරදී දෙදෙනෙකු ඝාතනය කරයි

රත්නපුර – පානදුර මාර්ගයේ ගොරකඇළ ප්‍රදේශයේ තෙප්පනාව අතුරු මාර්ගයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා.
සිද්ධියෙන් තවත් අයෙකු ද තුවාල ලබා ඇති අතර මොවුන් තෙප්පනාව මාර්ගයේ ගමන් කරමින් සිටියදී කිසියම් පිරිසක් පැමිණ ඊයේ රාත්‍රියේ මෙලෙස පහරදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පහරදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 34 සහ 35 යන වයස්වල පසුවන දොඩම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවන්.