Gossips

තියුණු ආයුධයකින් බිරිඳට පහරදී, සැමියා සියදිවි නසාගනී

සිය බිරිඳට තියුණු ආයුධයකින් පහරදීමෙන් අනතුරුව ගිනි තබාගෙන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.
අද (19) පස්වරු එකට පමණ මාතර – කඹුරුපිටිය ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය සැක පල කරන්නේ පවුල් අරවුලක් මත සැමියා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි.
පහර කෑ කාන්තාව මේ වනවිට කඹුරුපිටිය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.
සිය දිවි හානිකරගත් සැමියා 42 හැවිරිදි වියේ පසුවූ අයෙක් වන අතර බිරිඳ 37 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක්.