Gossips

තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරයි

අම්බලන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේදී අද (03) තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය පවසනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 31 හැවිරිදි විදුලි කාර්මිකයෙකු බවයි වාර්තාවන්නේ.
ඔහුගේ වැඩිමහල් සහෝදරයාට ණය මුදලක් ලබාදුන් පුද්ගලයකු මොහු සමඟ ආරවුලක් ඇති කරගෙන මෙම ඝාතනය සිදු කර ඇති බව මුලික විමර්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.