Gossips

තියුණු ආයුධයකින් පහර දී දරුවෙකු ඝාතනය කරයි

මඩකලපුව, වාලච්චේන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී දරුවෙකු ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වාලච්චේන ප්‍රදේශයේ 16 හැවිරිදි දරුවෙක්.
ප්‍රේම සබදතාවක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් මෙම පිහි ඇනුම සිදුව ඇති බවයි පොලිසිය කියා සිටියේ.
මෙම ඝාතනය ඊයේ (16) සවස සිදු වී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාලච්චේන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.