Gossips

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ (ඡායාරූප)

වීරකැටිය බැඳිගම තිරාවල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ කොස්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක්.
බැදිගම සිට තිරාවල දක්වා වැටි ඇති අතුරු මාර්ගයකදී අද දහවල් මෙම ඝාතනය සිදුව තිබෙනවා.
මෙම පුද්ගලයා අද දහවල් 1.45 ට පමණ ඥාති පුත්‍රයෙකු සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ත්‍රී රෝද රථයකින් පැමිණි දෙදෙනෙකු ඝාතනය සිදුකර පළාගොස් ඇතැයි සඳහන්.
ත්‍රී රෝද රථය යතුරුපැදියෙ ගැටීමට සලස්වා එය පෙරලී ගිය පසු පැදිකරුට තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.
මියගිය පුද්ගලයා සහ තවත් පිරිසක් අතර ඊයේ සවස ඇති වූ ආරවුලක් මෙම ඝාතනයට හේතුවන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර වීරකැටිය පොලිසිය විමර්ශණ සිදු කරනවා.

ඡායාරූප – අනීෂා මානගේ