වැල්ලවාය ඇතිලිවැව සිරිපුරගම ප්‍රදේශයේ තිබී තියුණු ආයුධයකින්පහර දී ඝාතනය කළ පුද්ගලයකුගේ මල සිරුරක් අද (17) පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මියගිය පුද්ගලයා වෙහෙරයාය ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි එක් දරු පියෙක්.
ඔහු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මේවන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සැකකරුවන් සොයා වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
(ඡායාරූප – ජයන්ත වීරසේකර )
