Gossips

තියුණු ආයුධයකින් පහරදී දෙදරු මවක් ඝාතනය කෙරේ

කන්තලේ වෙල්ඩින් මාවත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් ඇණ කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.
අද (22) උදෑසන 6ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
මෙලෙස මියගොස් ඇත්තේ කන්තලේ ජනතා මාවතේ පදිංචිව සිටි 28 හැවිරිදි දෙදරු මවක්.
ඇය උදෑසන රැකියා ස්ථානය කරා ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර පළාගොස් තිබෙනවා.
පෞද්ගලික ආරවුලක් මත මේ ඝාතනය සිදුකරන්නට ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ.
ඝාතනය සම්බන්ධයෙන් කන්තලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.