Gossips

තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කෙරේ

යක්කලමුල්ල ඉහළ වල්පල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා.
අද සවස 2.40 ට පමණ තියුණු ආයුධයෙන් පහරදීමෙන් බරපතල තුවාල ලැබු මෙම තරුණයා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදීයි මියගොස් ඇත්තේ.
මෙලෙස ඝාතනයට ලක්වුයේ ඉහළ වල්පල ප්‍රදේශයේම පදිංචි 29 හැවිරිදි අයෙක්.
පොලිසිය කියාසිටියේ ඝාතනයටට සැකකරුවන් තුන්දෙනෙකු පැමිණ ඇති අතර එම ප්‍රදේශයේම පදිංචි 41 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඔහු මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු බව සඳහන්.
තවත් සැකකරුවෙකු සිද්ධියෙන් තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබනවා.
අනෙක් සැකකරු පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ලයිම් කාමරවල ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇතැයි මුලික විමර්ශනවලදී හෙළිවී ඇති අතර සිද්ධිය පිළිබඳ යක්කලමුල්ල පොලිසිය විමර්ශණ මෙහෙයවනවා.