Gossips

තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු මරුට

වරකාපොල – පෞද්ගලික ඇඟළුම් කර්මාන්තශාලාවක් අසළදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
මියගිය පුද්ගලයා ඔහුගේ සහෝදරියකගේ පුත්‍රයෙකු සමඟ මත්පැන් පානය කරමින් සිටියදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාම හේතුවෙන් ඊයේ රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 59 හැවිරිදි තුල්හිරිය – බංගලාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඝාතනය සිදුකළ පුද්ගලයා ප්‍රදේශය අතහැර පලාගොස් තිබෙනවා.