Gossips

තිදෙනෙකු සමඟ ධීවර බෝට්ටුවක් අතුරුදන්

ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයින් තිදෙනෙකු රැගත් බෝට්ටුවක් අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.
මුලතිව්, නයාරු ප්‍රදේශයෙන් මෙම ධීවරයින් ඊයේ (12) දිනයේදී ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය වැඩිදුරටත් පවසන්නේ නාවික හමුදා සහය ඇතිව අතුරුදන්වූ ධීවරයින් සොයා විමර්ශන ආරම්භකර ඇති බවයි.
මෙලෙස අතුරුදන්ව ඇති පුද්ගලයින් හලාවත, බංගදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් වයස අවුරුදු 50, 48 සහ 24 යන වයස් සීමාවල පසුවන්නන් බව සඳහන්.