Gossips

තිදරුපියෙකුගේ මළ සිරුරක් කුඹුරුයායකින් හමුවෙයි

කොළොන්න පොලිස් වසමේ දාපනේ ගරහිංගොඩ කුඹුරුයායක තිබී තිදරුපියෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.
එම ප්‍රදේශයේ පදිංචි තිස්පස් හැවිරිදි ඔහු ගම්හේවගේ සරත් යන අය වන අතර ප්‍රදේශවාසීන් ඔහුට රුවන් යනුවෙන් හඳුන්වනු ලබන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
මියගිය පුද්ගලයා වෙනත් නිවසක රැකියාවක් සඳහා කුරුදු තැලීමට ගොස් එන අතරතුරු මෙම මරණය සිදු වී ඇති බවයි පොලිසිය සැකකරන්නේ.
මේ සම්බන්ධයෙන් කොළොන්න පොලීසිය සහ ඇඹිලිපිටිය ස්ථානීය අපරාධ පරික්ෂණ ඒකකයෙන් පැමිණ පරික්ෂණ කටයුතු සිදුකරනු ලබනවා.
මියගිය ස්ථානයේ තිබී රා මුට්ටියක්,පාවහන් යුගලක් සහ ජංගම දුරකතනයක් පොලිස්භාරයට ගෙන තිබෙනවා.
මෙම මරණයට හේතුව තවමත් සොයාගෙන නොමැති අතර ඇඹිලිපිටිය හදිසි මරණ පරික්ෂක ආර.එස්.ගුණසේන එම ස්ථානයට පැමිණ පරික්ෂණ කටයුතු සිදුකල අතර පච්චාත් මරණ පරික්ෂනය සදහා සිරුර ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහරෝහලවෙත රැගෙන යනු ලැබුවා.