Gossips

තැපෑලේ සාකච්ඡා අදත්, අසාර්ථකයි

අඛන්ඩව 15 වන දිනටත් වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති සහ වැටුප් හා සේවක සංඛ්‍යාන කොමිසමේ සභාපතිවරයා අතර අද පැවති සාකච්ඡාව ද විසඳුමකින් තොරව අවසන් වී තිබෙනවා.
මේ අතර, වර්ජනයේ නිරත තැපැල් සේවකයින් අද දහවල් කොළඹදී සහ දිවයිනේ ප්‍රදේශ රැසක පාගමන්වල ද නිරත වුණා.
එමෙන්ම අම්බලන්ගොඩ, බලපිටිය, ඇල්පිටිය, බද්දේගම සහ ගාල්ල යන ප්‍රදේශවල තැපැල් සේවකයින්, දේව කන්නලව්වක ද නිරත වූ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.