Gossips

තැපෑලේ වර්ජනය අඛණ්ඩව (ඡායාරූප)

සිය ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තුරු අඛණ්ඩව වර්ජන ක්‍රියාමාර්ගය දියත් කරන බව ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
ඊයේ (11) පස්වරු 4ට ඔවුන් මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවේ අත්තනෝමතික බඳවා ගැනීමේ පටිපාටිය සහ උප තැපැල් ස්ථානාධිපති තනතුරට සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම නවතා දමන ලෙසට ඉල්ලමින්.
මේ අතර, වර්ජන ක්‍රියාමාර්ගයත් සමඟ තැපැල් දෙපාර්තමේන්තුව සියළු සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට ද ඊයේ (11) පියවර ගත්තා.

ඡායාරූප – හැටන්, රංජිත් රාජපක්ෂ / හපුතලේ, නයනානන්ද බුවනෙක