Gossips

තැපෑලේ පරිඝනක පද්ධතියේ දෝෂයක්

තැපැල් දෙපාර්තමේන්තුවේ පරිඝනක පද්ධතියේ කිසියම් දෝෂයක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.
එහි ධාරිතාවයේ පවතින ගැටළුවක් හේතුවෙන් මෙම දෝෂය හටගෙන ඇති බවටයි තැපැල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණ කළේ.
මීට මාස දෙකක පමණ කාලයක සිට හටගෙන ඇති මෙම දෝෂය හේතුවෙන් ලිපි බෙදා හැරීමේ කටයුතුවලට ද බාධා මතුව ඇති බවට වාර්තා වනවා.