Gossips

තැපෑලේ අද සාකච්ඡාවත් අසාර්ථකයි – වර්ජනය අඛණ්ඩව

වර්ජනයේ නිරත තැපැල් වෘත්තිය සමිති සහ බලධාරින් අතර අද පැවති සාකච්ඡාවද විසඳුමකින් තොරව අවසන් වී තිබෙනවා.
මීට පෙරද සාකච්ඡා වට කිහිපයක් පැවති අතර, ඒවාද විසඳුමකින් තොරවයි අවසන් වූයේ.
තැපැල් සේවකයන් දින 10ක් තිස්සේ ක්‍රියාත්මක කරන වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ජාත්‍යන්තර තැපැල් කටයුතු බිද වැටීමේ අවදානමක්ද මේ වනවිට මතුව තිබෙනවා.
කෙසේ වෙතත් වර්ජනයේ නිරත තැපැල් සේවකයින් අද මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට අඛන්ඩ උපවාසයක්ද ආරම්භ කළේ සිය ඉල්ලීම්වලට බලධාරීන් නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.