ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා.
ඒ, පසුගියදා වර්ජනයේ නිරත වූ තැපැල් සේවකයින්ගේ ජුනි මාසයේ වැටුප් තැපැල් පරිපාලනය විසින් නොගෙවීම සහ වැටුප් කප්පාදු කිරීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට විරෝධය පළ කරමින්.
