තම ඉල්ලීම්වලට විසදුම් ඉල්ලා ආරම්භ කර ඇති උපවාසය මාරාන්තික උපවාසයක් දක්වා දීර්ඝ කිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර තිබෙනවා.
තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වර්ජනයට අදට දින 14ක්.
මේ හේතුවෙන් රාජ්‍ය ආයතනවල දෛනික කටයුතු, දඩ කොළ ගෙවීම්, විශ්‍රාම වැටුප් ලබා ගැනීම සහ වැඩිහිටි දීමනා ආදී සේවා ඇණහිට තිබෙනවා.
අවස්ථා කිහිපයකදී බලධාරීන් සහ තැපැල් වෘත්තීය සමිති අතර, සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණ ද ඒවා විසඳුමකින් තොරව අවසන් වූයේ ඉල්ලීම්වලට නිසි පිළිතුරු නොලැබීම හේතුවෙන්.
මේ අතර, තමන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව මල්වතු – අස්ගිරි මහානාහිමිවරුන් දැනුම්වත් කිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අද (29) කටයුතු කළා.
ප්‍රථමයෙන් ඔවුන් අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියන් බැහැදුටුවා.
අනතුරුව ඔවුන් මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුටුවා.