Gossips

තැපැල් වර්ජනය දිග් ගැස්සෙයි

තමන් ආරම්භ කළ වර්ජනය අද (13) දිනයේදීත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා.
එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ ඊයේ (12) පස්වරුව වනවිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් ලිපි ලක්ෂ 3 ක් පමණ ගොඩගැසී තිබූ බවයි.
තැපැල් දෙපාර්තමේන්තුව සඳහාම වෙන්වූ බදවා ගැනීමේ පටිපාටියක් ක්‍රියාත්මක කිරීම සහ වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ රැකියාව සුරක්ෂිත කරන ලෙස ඉල්ලා තැපැල් වෘත්තීය සමිති පෙරේදා පස්වරු හතරේ සිට මෙම වර්ජනය ආරම්භ කළා.
වර්ජනය සම්බන්ධයෙන් අද (13) දිනයේදී බලධාරීන්ගෙන් විසඳුමක් අපේක්ෂා කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ.
ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ ආරම්භ කර ඇති මෙම වැඩ වර්ජනයට විදුලි සංදේශ නියාමකවරුන්ගේ සංගමය ද ඊයේ එක්වුණා.