Gossips

තැපැල් වර්ජනය අවසන්

දින 16 ක් පුරා ක්‍රියාත්මක වූ තැපැල් වර්ජනය ලබන 7 වනදා දක්වා තාවකාලිකව අවසන් කළ බව තැපැල් වෘත්තිය සමිති ප්‍රකාශ කරනවා.
ඔවුන් මෙම වර්ජනය ආරම්භ කළේ තැපැල් සේවාවටම අනන්‍ය වූ සේවා ව්‍යවස්ථාවක් සකස් කරගැනීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.
තැපැල් වෘත්තීය සමිති සහ වැටුප් හා සේවක සංඛ්‍යාන කොමිසමේ සභාපතිවරයා අතර සාකච්ඡාවක්ද අද දහවල් පැවැත්වුණා.
එසේම වර්ජනය හේතුවෙන් රජයෙන් ලබාදෙන වකුගඩු ආධාර හා වැඩිහිටි දීමනා නිසි පරිදි ගෙවීම මේ වනවිට ඇණහිට තිබෙනවා.
ඒ හේතුවෙන් එම දීමනා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සමාජසේවා අංශය මගින් නිකුත් කිරීමට සිදුව ඇති බව සඳහන්.