Gossips

තැපැල් වර්ජනය අදත්

සිය වර්ජනය හතරවන දිනටත් අද ක්‍රියාත්මක බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා.
එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ ඊයේ පස්වරුව වනවිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ දිවයිනේ සියලූ තැපැල් ස්ථානවල ලක්ෂ 13 කට අධික ලිපි සහ තැපැල්පත් ගොඩගැසී තිබූ බවයි.
තැපැල් දෙපාර්තමේන්තුව සඳහාම වෙන්වූ බදවා ගැනීමේ පටිපාටියක් ක්‍රියාත්මක කිරීම සහ වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ රැකියාව සුරක්ෂිත කරන ලෙස ඉල්ලා තැපැල් වෘත්තීය සමිති 11 වනදා පස්වරු හතරේ සිට මෙම වර්ජනය ආරම්භ කළා.
මේ අතර ලංකා පරිපාලන සේවය සඳහා යෝජිත විශේෂ දීමනාව ලබානොදීම සම්බන්ධයෙන් අද දිනයේදී ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් පී.එස්.ආර්. ද සිල්වා ප්‍රකාශ කළා.