තමන් තැන්පත් කළ මුදල් ලබාදෙන ලෙස බල කරමින් ඊ.ටී.අයි. ගණුදෙනුකරුවන් පිරිසක් අදත් බොරැල්ල – වෝඩ් පෙදෙසේ එහි ප්‍රධාන කාර්යාලය අසල විරෝධතාවයේ නිරත වුණා.
තැන්පත්කරුවන්ගේ මුදලින් සියයට 10 ක කොටසක් ලබාදීම සදහා අද සාකච්ඡාවකට පැමිණෙන ලෙස එහි පාලනාධිකාරිය ඔවුන්ට දැනුම්දී තිබූ අතර සුපුරුදු පරිදි තැන්පත්කරුවන්ට සිදුවුණේ ආපසු හිස් අතින් හැරී යාමටයි.
