ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ ස්වාධීන සංගමය ඔවුන් තැන්පත් කළ මුදල් ඉල්ලා අද ඊ.ටී.අයි. මූල්‍ය මණ්ඩලයේ අධ්‍යක්‍ෂවරුන් වන දීපා එදිරිසිංහගේ සහ අසංක එදිරිසිංහගේ නිවෙස්වලට පැමිණියා.
කොළඹ – මහජන පුස්තකාලයේ පැවති සම්මේලනයකින් අනතුරුව තැන්පත්කරුවන් පා ගමනින් කොළඹ – බාන්ස් පෙදෙසේ පිහිටි එම නිවෙස් වෙත පැමිණි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
නමුත් තැන්පත්කරුවන් පැමිණෙන විට නිවෙස් දෙකෙහිම ඇතුලූවීමේ දොරටු වසා දමා තිබූ අතර, දීපා එදිරිසිංහගේ නිවෙසට පොලිස් ආරක්ෂාවද යොදවා තිබුණා.
අනතුරුව එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
