Gossips

තාහීර්ගේ දඟ පන්දුව ඉදිරියේ අසරණ වූ ශ්‍රී ලංකා පිතිකරුවන් අවසානයේ නැවතුණු තැන

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර අද ආරම්භ වූ පළමු එක්දින තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47ක් තුල සියල්ලන් දැවී ලකුණු 231ක් රැස් කිරීමට සමත් වුණා.
එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 60ක් රැස් කිරීමට සමත් වූ අතර නවක ක්‍රීඩක ඕෂද ප්‍රනාන්දු ලකුණු 49ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියා.
ධනංජය ද සිල්වා ලකුණු 39ක් රැස් කළ අතර කුසල් පෙරේරා ලකුණු 33ක් රැස් කළේ පන්දු 36කට මුහුණ දෙමින්.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළ ඉම්රාන් තාහීර් පන්දුවාර 10ක් තුල ලකුණු 26කට කඩුලු 03ක් දවාගත්තා.
ලුන්ගි නිගීඩි කඩුලු 03ක් දවා ගත්තේ සිය පන්දුවාර 10 තුල ලකුණු 60ක් ලබාදෙමින්.
දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඒ අනුව හිමිව ඇති ඉලක්කය ලකුණු 232ක්.