Gossips

තාවකාලිකව වැසුණු ගැට්වික් ගුවන් තොටුපළ යළි විවෘත කෙරේ

ගුවනේ සැරි සැරූ ඩ්‍රෝන් යානයක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු ලන්ඩනයේ – ගැට්වික් ගුවන්තොටුපල මේ වනවිට යලි විවෘත කර තිබෙනවා.
කෙසේ වෙතත්, මේ වනවිට සීමිත ගුවන් ගමන් වාර සංඛ්‍යාවක් පමණක් සිදුකරන අතර, ඩ්‍රෝන් යානය හේතුවෙන් ගුවන්තොටුපලේ කටයුතු පැය 24 කට වැඩි කාලයක් අක්‍රිය වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ නිසා ගුවන් ගමන් 760 කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර මගීන් එක්ලක්ෂ දස දහසකට අධික පිරිසකට එය බලපා තිබුණා.