සූර්යයාට ආසන්නයෙන්ම පිහිටි තාරකාවක් වටා භ්‍රමණය වන සූර්යග්රහ මණ්ඩලයේ පිටත පිහිටි තවත් ග්‍රහලෝකයක් තාරකා විද්‍යාඥයින් පිරිසක් සොයාගෙන තිබෙනවා.
සූර්ය ග්‍රහ මණ්ඩලය ආසන්නයෙන්ම පවතින බර්නාඞ් නැමති තාරකාව වටා භ්‍රමණය වන මෙම ග්‍රහලෝකය නම් කර ඇත්තේ බර්නාඞ් ස්ටාර් බී ලෙසයි.
මෙය 2012 වසරේදී තාරකාවක් ලෙස හඳුනාගෙන තිබුණත් වර්තමානය වනවිට එය ග්‍රහලෝකයක් බවට තාරකා විද්‍යාඥයින් නිශ්චිතම තහවුරු කර තිබෙනවා.
මෙම ග්‍රහලෝකය පෘථිවිය මෙන්ම තුන්ගුණයකට වැඩි විශාලත්වයකින් යුක්තයි. සූර්යා ආසන්නයේ පිහිටි තාරකාවක් වටා භ්‍රමණය වන සූර්යග්රහ මණ්ඩලයෙන් පිටත පිහිටි පළමු ග්‍රහලෝකය සොයාගනු ලැබුවේ 2016 වසරේයි. එය ප්‍රොක්සිමා සෙන්ටෝරී බී ලෙස නම් කර තිබුණා.