Gossips

තායි ලෙනේ සිර වූ අවසන් 5 දෙනා මුදා ගැනීමේ මෙහෙයුම අද

තායිලන්තයේ තාම් ලූවන් ලෙනෙහි සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ අවසන් ළමයින් 04 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු මුදා ගැනීමේ මෙහෙයුම අද (10) ක්‍රියාත්මක කෙරෙනවා.
වයස අවුරුදු 11ත්, 17ත් අතර වයස් කාණ්ඩයේ පසුවන මෙම ළමයින් පිරිස සිය පුහුණුකරු සමඟ මෙම ලෙනෙහි අතරමං වූයේ පසුගිය ජුනි 23 වන දායි.
ජාත්‍යන්තර කිමිදුම්කරුවන්ගේ සහය ඇතිව ක්‍රියාත්මක කෙරුණු මුදා ගැනීමේ මෙහෙයුමෙන් ළමයින් 8 දෙනෙකු ඉවත් කර ගැනීමට හැකි වුණා.
පසුගිය දින දෙක තුළ සිදුකෙරුණු මෙම මෙහෙයුම අපේක්ෂා කළ මට්ටමට වඩා සාර්ථක වූ බවයි තායි බලධාරීන් ප්‍රකාශ කළේ.
මුදා ගත් ළමයින් මේ වන විට රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදෙන අතර, ඔවුන් සෞඛ්‍ය තත්ත්වය යහපත් බව සඳහන්.
17 වන රැයත් ලෙනෙහි ගත කළ අවසන් ළමයින් 4 දෙනා සහ පුහුණුකරු ද කඩිනමින් මුදා ගැනීමට අද මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන්නේ ලෙන් ප්‍රදේශයට වැසි ඇද වැටීම නිසා ඔවුන්ගේ තත්ත්වය තවදුරටත් අනතුරුදායක විය හැකි වීම හේතුවෙන්.