Gossips

තායි ලෙනෙන් මුදාගත් යොවුන් පාපන්දු පිල එංගලන්තයේ

තායිලන්තයේ තාම් – ලූවන් ලෙනේ සති දෙකක් සිරවී සිට දුෂ්කර ප්‍රයත්නයකින් මුදාගත් යොවුන් පාපන්දු පිලේ ක්‍රීඩකයන් සිය ලෝක චාරිකාවේ නවතම පියවර ලෙස දැන් එංගලන්තයට පැමිණ තිබෙනවා.
ඔවුන් අද ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හිදී සුප්‍රකට පාපන්දු කණ්ඩායම් දෙකක් තරග වදිනු නරඹනු ඇති.
එහිදී තරග වදින්නේ ලෝක ප්‍රකට මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායම සහ එවර්ටන් කණ්ඩායමයි.
වයස අවුරුදු 16 ට අඩු මෙම යොවුන් පාපන්දු ක්‍රීඩකයන් මුදාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වද්දී ලොව පුරා පාපන්දු කණ්ඩායම්වලින් ඔවුන්ට ආරාධනා ලැබුණා.
එලෙස මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු සමාජය කළ ඇරයුමක් අනුවයි ඔවුන් දැන් එහි පැමිණ ඇත්තේ.