Gossips

තායි රාජාභිෂේක මංගල්‍යයට සියල්ල සූදානම්

තායිලන්තයේ මහා වජිරලොන්කෝන් රජුගේ රාජාභිෂේක මංගල්‍යය මැයි 4 වන දා සිට 6 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.
රාමා එක්ස් ලෙස ද හැදින්වෙන 66 හැවිරිදි වජිරලොන්කෝන් රාජකීයත්වයට පත්වූයේ වසර 70ක් තායි රජු වූ භූමිබෝල් අදුල්යාදෙජ් රජු 2016 වසරේදී අභාවප්‍රාප්ත වීමෙන් අනතුරුවයි.
රජුට ආශිර්වාද පැතීම සඳහා තායිලන්තයේ ප්‍රාන්ත 76න්ම ජලය එක්රැස් කිරීම අද ආරම්භ වූයේ රාජාභිෂේක මංගල්‍යයේ ප්‍රථම චාරිත්‍රය ලෙසින්.
එම ජලය තායිලන්තය පුරා බෞද්ධ විහාරස්ථානවලදී පිරිත් සඡ්ඡායනයෙන් අනතුරුව බැංකොක් නුවරට රැගෙන ඒමට නියමිතයි.