මහා වජිරලොන්කෝන් රජුගේ ප්‍රකාශය අණක් සේ සලකා උබෝල්රත්නා රාජකන්‍යා කුමරිය අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් නොකරන බව ඇය ඒ සඳහා නම් කළ තායි රක්ෂ චාට් පක්ෂය පවසනවා.
හිටපු අගමැති තක්ෂින් ශිනවත්‍රා අනුගාමිකයන් පිහිටුවා ගත් එම පක්ෂය මෙම පියවරට එළඹුනේ රජු විසින් සිය සොහොයුරියගේ අපේක්ෂකත්වය දැඩි දෝෂ දර්ශනයට ලක් කිරීමෙන් අනතුරුවයි.
67 හැවිරිදි රාජකන්‍යා කුමරිය, අගමැති අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වීම, තායිලන්ත ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැදින්වෙන්නේ මෙතෙක් එරට රාජකීයන් ක්‍රියාකාරී දේශපාලනයට එක් නොවීම හේතුවෙන්.
තායි රජ මැදුර නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ රාජකන්‍යා කුමරිය මැතිවරණයට ඉදිරිපත්වීම නුසුදුසු කරුණක් මෙන්ම ව්‍යවස්ථා විරෝධී පියවරක් බවයි.
තායිලන්ත මහමැතිවරණය මාර්තු 24 වන දා පැවැත්වෙන අතර, ඒ සඳහා ඉදිරිපත් වන බව වත්මන් අගමැති ප්‍රයුත් චාන් ඕචා ද ප්‍රකාශ කළා.