Gossips

තායි මැතිවරණයේ ප්‍රතිඵලය කල් යයි

ඊයේ පැවති තායිලන්ත මහමැතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීම මැතිවරණ කොමිසම මගින් මැයි 9 වන දා දක්වා කල් දමා තිබෙනවා.
මැතිවරණයෙන් 2014 – හමුදා කුමන්ත්‍රණය මෙහෙය වූ වත්මන් අගමැති ප්‍රයුත් චාන් ඔචාගේ පක්ෂය සංශෝධිත මැතිවරණ ක්‍රමය අනුව ඉදිරි ආණ්ඩුව ද පිහිටුවනු ඇතැයි අපේක්ෂිතයි.
එහෙත් ඡන්ද දහනව ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් අවලංගු වීමත්, සියයට 90 ඉක්ම වූ බව මුලින් සදහන් කෙරුණු ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය කොමිසම මගින් සියයට 64ක් ලෙස දැක්වීමත් නිසා ප්‍රතිඵලය සම්බන්ධයෙන් තායිලන්ත ජනතාව අතර සැකයක් මතු වී ඇති බව සඳහන්.