Gossips

තායි මැතිවරණයේ දූෂණ ගැන හිටපු අගමැති තක්ෂීන්ගෙන් චෝදනා

පසුගිය ඉරිදා පැවති තායිලන්ත මහමැතිවරණයේදී හමුදාවේ සහය ලබන වත්මන් අගමැති ප්‍රයුත් චාන් ඔචාගේ පක්ෂය මහා පරිමාණ ඡන්ද දූෂණවල නිරත වූ බවට හිටපු අගමැති තක්ෂීන් ෂිනවත්‍රා චෝදනා කරනවා.
2006 වසරේදී සිය පාලන බලය කුමන්ත්‍රණයකින් පෙරළා දැමීමෙන් පසු විදෙස්ගතව සිටින තක්ෂීන් ෂිනවත්‍රා කියා සිටියේ එය තායිලන්තයේ කීර්ති නාමයට හානියක් බවයි.
මැතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් කිරීම මැයි 9 වන දා දක්වා කල් දමා ඇති අතර, අගමැති ප්‍රයුත් චාන්ගේ පී.පී. ආර්.පී. පක්ෂය අනපේක්ෂිත ලෙස ඉදිරියට පැමිණීම සැක කටයුතු තත්ත්වයක් වී තිබෙනවා.
හිටපු අගමැතිවරයා කියා සිටියේ ඇතැම් ආසනවල 3 වන ස්ථානයට සිටි එම පක්ෂය ක්ෂණයකින් මුල් තැනට පැමිණි අවස්ථා රැසක් පවතින බවයි.