Gossips

තායි පාපන්දු කණ්ඩායම බේරා ගැනීමට ගිය ජීවිතාරක්ෂකයෙකු මරුට

තායිලන්තයේ, තාම් – ලූවන් ලෙන් සංකීර්ණයේ සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරා ගැනීමට ගිය තායි නාවික හමුදා කිමිදුම්කරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ලෙනෙහි ඉදිරි කොටස ජලයෙන් පිරී තිබීම නිසා මොවුන් බේරා ගැනීමට මාස කිහිපයක් ගතවිය හැකි බවයි විශ්වාස කෙරෙන්නේ.
මේ නිසා ඔවුන්ට ඔක්සිජන් රැගෙන ගිය 38 හැවිරිදි තායි නාවික හමුදා කිමිඳුම්කරුවෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ලෙන් කුහරයට ගොස් නැවත පැමිණීමේදී ඔහුට ප්‍රමාණවත් ඔක්සිජන් සැපයුමක් නොතිබීම මරණයට හේතුව බව ලෙන් සංකීර්ණය පිහිටි චියං රායි ප්‍රාන්ත රජය ප්‍රකාශ කළා.