Gossips

තායි කුමරිය ගැන මැතිවරණ කොමිසමෙන් තීන්දුවක්

තායිලන්තයේ උබෝල්රත්නා රාජකන්‍යා කුමරිය අග්‍රාමාත්‍ය ධුරය සඳහා තරඟ වැදීමට නුසුදුසු බව තායි මැතිවරණ කොමිසම අද තීන්දු කළා.
ඒ, මාර්තු 24 වන දා පැවැත්වෙන මහමැතිවරණයේ දේශපාලන පක්ෂ සහ අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකයන් ප්‍රකාශයට පත් කරමින්.
සිය වැඩිමහල් සොහොයුරිය වන උබෝල්රත්නා රාජකන්‍යා කුමරිය අගමැති ධුරය සඳහා තරඟ වැදීම තායිලන්තයේ මහා වජිරලොන්කෝන් රජුගේ දෝෂදර්ශනයට ලක්වුණා.
ඉන් අනතුරුව ඇය අපේක්ෂකත්වය හිමි කර ගත් තායි රක්ෂ චාට් පක්ෂය කියා සිටියේ රජුගේ තීරණයට ගරු කරන බවයි.
කෙසේ නමුත්, ඒ සම්බන්ධයෙන් නිළ තීන්දුවයි තායි මැතිවරණ කොමිසම අද ප්‍රකාශයට පත් කර ඇත්තේ.