Gossips

තායිවාන ජනපතිනිය ඉල්ලා අස්වේ

චීනයෙන් පූර්ණ ස්වාධීනත්වයක් අපේක්ෂා කරන සිය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය ප්‍රාදේශීය මැතිවරණයෙන් පරාජය ලැබීමත් සමඟ තායිවාන ජනාධිපතිනි සායි ඉන් වෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඇය නියෝජනය කරන පාලක පක්ෂය 2014 මැතිවරණයේදී ජයග්‍රහණය කළ නගර සහ පරිපාලන ඒකක 13 න් අඩකින් පමණ පරාජයට පත්වුණා.
තායිවානය මෙම මැතිවරණය සළකන්නේ මැදිකාලීන ජනමත විචාරණයක් ලෙසයි.
2016 වසරේදී සායි ඉන් වෙන් බලයට පත්වීමෙන් පසු තායිවානය සහ චීනය අතර සබඳතා දැඩි සේ පළුදුවුණා. චීනය තවමත් සළකන්නේ තායිවානය තම රටට අයත් ප්‍රාන්තයක් ලෙසයි.