Gossips

තායිවානය නව අගමැතිවරයෙකු පත් කිරීමට සැරසේ

අග්‍රාමාත්‍ය විලියම් ලායි ඇතුලූ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසු තායිවාන පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ හිටපු සභාපති සූ සෙන් චෑන් නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරිමට නියමිත බව වාර්තාවනවා.
පසුගිය නොවැම්බරයේ පැවති ප්‍රාදේශීය මැතිවරණවලින් ලද පරාජය හිටපු අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමට හේතුවයි.
නව අග්‍රාමාත්‍යවරයා අද පත් කිරීමට නියමිතව ඇති අතර, ඉන් අනතුරුව ඔහු සිය අමාත්‍ය මණ්ඩලය නම් කරනු ඇති.
තායිවානය මෙම දේශපාලන පෙරළියට මුහුණ දෙන්නේ එරට ජනාධිපතිවරණයට වසරක් පමණක් තිබියදියි.
එම මැතිවරණය ජනාධිපතිනි සායි ඉන් වෙන්ට ප්‍රබල අභියෝගයක් වන ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.
ප්‍රාදේශීය මැතිවරණයේදී ලද පරජය හේතුවෙන් ඇය දැනටමත් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත්වී තිබෙනවා.