Gossips

තායිවානයේ රෝහලක ගින්නක් – 9 දෙනෙකු මරුට

තායිවානයේ – නව තායිපේ නගරයේ රෝහලක සිදුවූ ගිනි ගැනීමකින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ 7 වැනි මහලේ සිදුවූ මෙම ගිනි ගැනීමෙන් එහි සිටි රෝගීන් ඇතුලූ 16 දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි.
ගින්නට හේතුව නිශ්චිතව අනාවරණ වී නොමැති අතර, විදුලි කාන්දුවක් ඊට හේතුව බවට සැක කෙරෙනවා.
ගින්නත් සමඟ තවත් රෝගීන් 33 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළේ.