Gossips

තායිවානයේ ප්‍රබල භූ කම්පනයකින්, තායිපේ අගනුවර ගොඩනැගිලි සෙලවේ

තායිවානයේ වෙරළාසන්න හුවලියන් නගරයට ඔබ්බෙන් ඊයේ ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා.
රික්ටර් පරිමාණයේ 6.1ක ප්‍රබලතාවකින් යුත් එම කම්පනය තායිපේ අගනුවරට ද බලපෑ අතර එහි ගොඩනැගිලි සසලවීමක් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.
ඒ හේතුවෙන් අගනුවර උමං දුම්රිය සේවා තාවකාලිකව නතර කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
භූ කම්පනයෙන් පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලැබූ අතර ඉන් දෙදෙනෙකු මැලේසියානු සංචාරකයන්.