ඊසානදිග තායිවානයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් 126 දෙනෙකු තුවාල ලැබුවා.
අද (21) පස්වරුවේ දුම්රියක් පීලි පැනීමට ලක්ව සිදුවූ මෙම අනතුරෙන් මැදිරි කිහිපයක් පෙරළී ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පෙරළී ගිය දුම්රිය මැදිරි තුළ 30 දෙනෙකු පමණ සිරව ඇති බවට වාර්තා පළ වන අතර, ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.
