Gossips

තායිලන්ත ළමා පාපන්දු කණ්ඩායම ලෙනෙන් මුදාගත් ආකාරය හෙලි වෙයි

තාම් ලූවන් ලෙනෙහි සිර වී සිටියදී බේරාගත් ළමා පාපන්දු කණ්ඩායම සහ පුහුණුකරු තවදුරටත් තායිලන්තයේ ප්‍රධාන රෝහලක ප්‍රතිකාර ලබනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ඔවුන් මුදාගැනීමේ මෙහෙයුමේදී ඊට සහභාගිවූ කණ්ඩායම විසින් මෙම ළමයින් යම්තාක් දුරට නිර්වින්දනය කර පිටතට රැගෙනවිත් ඇති බවයි.
ළමයින් 12 දෙනා සහ පුහුණුකරු යථා තත්වයෙන් පිටතට රැගෙන පැමිණියේනම් ඔවුන් බියට පත්වීමෙන් යම් අනතුරක් සිදුවේ යැයි අවදානම මත මෙලෙස යම්තාක් දුරට නිර්වින්දනය කර පිටතට රැගෙන ඒමටයි ගලවාගැනීමේ කණ්ඩායම් කටයුතු කර තිබුණේ.