Gossips

තායිලන්ත මැතිවරණට පක්ෂ ලියාපදිංචිය ඇරඹේ

2014 වසරේ ඇති වූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු පැවැත්වෙන ප්‍රථම මහා මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ ලියාපදිංචිය බැංකොක් අගනුවරදී ඊයේ ආරම්භ වුණා.
හමුදා රජය මගින් ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් පසු මෙලෙස නව දේශපාලන පක්ෂ මෙන්ම පැරණි දේශපාලන පක්ෂ ද යළි ලියාපදිංදචි විය යුතුයි.
කුමන්ත්‍රණයෙන් බලයෙන් පහ කළ හිටපු අගමැතිනි යින් ලක් ෂිනවත්‍රාගේ දේශපාලන පක්ෂය ද මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි.
තායිලන්ත මහ මැතිවරණය මාර්තු 24 වනදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.