Gossips

තායිලන්ත මහ මැතිවරණය අදයි

2014 වසරේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු තායිලන්තයේ ප්‍රථම මහ මැතිවරණය අද පැවැත්වෙනවා.
එමෙන්ම 2011 වසරෙන් පසු එරට පැවැත්වෙන ප්‍රථම මහ මැතිවරණයද මෙයයි. ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන 50 කට අධික ඡන්ද දායකයන් රට පුරා ඡන්ද පොල වෙත දැනටමත් පැමිණෙමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කළා.
වයස අවුරුදු 18 ත් 26 ත් අතර මිලියන 7 ක් නව ඡන්ද දායකයන් තායිලන්ත මහ මැතිවරණයේදී මෙවර ප්‍රථම වරට ඡන්දය ප්‍රකාශ කරන අතර, ප්‍රතිඵලය සම්බන්ධයෙන් ඔවුන් තීරණාත්මක වනු ඇති.
කෙසේ නමුත් හමුදා කුමන්ත්‍රණයෙන් පසු තායිලන්තයේ ව්‍යවස්ථාව වෙනස් කිරීම තුළින් ඉදිරියේ පිහිටුවන ඕනෑම රජයක් කෙරෙහි හමුදාවේ බලපෑම ඉවත් කළ නොහැකි බව විචාරකයන් පෙන්වා දෙනවා.