දෙදින නිල සංචාරයක් සඳහා තායිලන්ත අගමැති ප්‍රයුත් චාන් ඕ චා දිවයිනට පැමිණ තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ තායිලන්ත ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් පස්වරු 2.45 ට පමණ තායිලන්ත අගමැතිවරයා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් දිවයිනට ළගාවු බවයි.
මෙම සංචාරය සඳහා අග්‍රාමාත්‍ය ආර්යාව ඇතුලු 40 දෙනෙකුගෙන් සමන්විත ධුත පිරිසක් ද පැමිණ තිබෙනවා.
ඔවුන් පිළිගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන සරත් ෆොන්සේකා, වජිර අබේවර්ධන, ෆයිසර් මුස්තාෆා ඇතුලු පිරිසක් ද ගුවන්තොටුපල වෙත පැමිණ සිටියා.
තායිලන්ත අගමැතිවරයා ඇතුලු ධුත පිරිස සංචාරය අවසන් කර හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.