තායිලන්තයේ වන ගත ලෙනක් තුළ සති 2 කට ආසන්න කාලයක් අතරමංව සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ඉක්මණින් මුදා නොගතහොත් ජීවිත අවදානම් තත්ත්වයක් උද්ගත වන බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඔවුන්ට ආහාර සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට මේ වනවිට පියවර ගෙන තිබුණත් ජල මට්ටම වැඩිවීමෙන් ඔවුන් දියේ ගිලීමේ හැකියාවක් පවතින බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.
ඉදිරියේ එම ප්‍රදේශයට අධික වැසි ඇතිවිය හැකි බැවින් මේ නිසා ලෙනෙහි ජල මට්ටම ඉහළ යා හැකි බවට එරට කාලගුණ අංශ දැනුම් දී තිබෙනවා.