Gossips

තායිලන්තයේ රාජකීය වත්කම් රජුට පවරයි

තායිලන්ත රාජකීය දේපළ කාර්යාංශය මගින් පාලනය කළ ඇමරිකානු බිලියන ඩොලර් 30 ක් පමණ වන රාජකීය දේපළ මහා වජිරලොන්කෝන් රජු වෙත පැවරීමට එරට රජය තීරණය කර තිබෙනවා.
එලෙස රජු වෙත වත්කම්වල අයිතිය පැවරෙන්නේ පසුගිය වසරේ සිදුකළ නීතිමය සංශෝධනයකින් අනතුරුවයි.
ඒ අනුව රාජකීය වත්කම් සඳහා බදු අය කිරීමටද රජයට හැකිවනවා.
භූමිබෝල් අද්යුලාදෙජ් රජු 2016 වසරේ ඔක්තෝම්බරයේ අභාවප්‍රාප්ත වීමෙන් පසු 2016 දෙසැම්බරයේ සිට තායිලන්තයේ කිරුළ දරන්නේ 65 හැවිරිදි මහා වජිරලොන්කෝන් රජු විසින්.
ඔහු වෙත පැවරෙන රාජකීය වත්කම්වලට විවිධ සමාගම්වල ආයෝජනය කර ඇති කොටස් හිමිකම්ද ඇතුළත්.