තායිලන්තයේ – ෆූකට් ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සංචාරක බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් චීන සංචාරකයන් ඇතුළු 56 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.
මියගිය එක් පුද්ගලයෙකුගේ සිරුර හමුවී ඇති අතර, අනතුරට ලක්වන විට එම ෆීනික්ස් නමැත් එම යාත්රාවේ මගීන් 105 දෙනෙකු ගමන් කර ඇති බව සදහන්.
අනෙක් පිරිස බේරා ගැනීමට ජීවිත ආරක්ෂකයන් සමත් වුණා.
සංචාරක බෝට්ටුව අනතුරට ලක්වීමෙන් පසු දියේ ගිලී ඇති බව ඇතැම් වාර්තා සදහන් කරනවා.
ඒ අනුව, එම ප්රදේශයට නාවික හමුදා කිමිදුම්කරුවන් සහ හෙලිකොප්ටර් යානා පවා පිටත් කර යවා ඇති බව තායි බලධාරින් ප්රකාශ කළා.