වසර 4ක කාලයක් තිස්සේ පනවා තිබෙන දේශපාලන තහංචි ලබන ජුනි මාසයේදී ඉවත් කරන බව තායිලන්ත රජය ප්රකාශ කළා.
පුද්ගලයින් 5 දෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් පවත්වනු ලබන රැස්වීම් තහනම් කරමින් පනවා තිබූ තහංචිය ද මේ අනුව ඉවත් වනු ඇති.
2014 වසරේදී කුමන්ත්රණයකින් හමුදාව තායිලන්තයේ බලය සියතට ගැනීමෙන් අනතුරුව මෙම තහංචි පනවනු ලැබූ අතර, ඔවුන් ප්රකාශ කළේ ප්රජාතන්ත්රවාදය තහවුරු කරන අයුරින් 2019 වසරේ දී මහමැතිවරණය පවත්වන බවයි.