Gossips

තායිලන්තයේ ගුවන් ගමන් යළි ඇරඹේ

දශක තුනකට පසු තායි බොක්කට කඩා වැදුණු ප්‍රථම සුළි කුණාටුව පබුක්, අන්දමන් මුහුද වෙත ඇදී යද්දී, තායිලන්තයේ දකුණුදිග ප්‍රදේශවල ගුවන් ගමන් දැන් යළි ආරම්භ වී තිබෙනවා.
සුළි සුළඟින් දකුණේ සංචාරක දිවයින් වෙත විශාල බලපෑමක් එල්ල වූ අතර ඒවා සහ ප්‍රධාන ගොඩබිම අතර සන්නිවේදන කටයුතු ද ඇණහිටියා.
සුළි සුළඟත් සමඟ ඇණහිට තිබූ පාරු සේවාවන් ද යළි ආරම්භ වී ඇති බව සඳහන්.
සුළි සුළඟට පෙර වෙරළාසන්න ප්‍රදේශවල 30,000ක් පමණ ආරක්ෂිත ප්‍රදේශ කරා ඉවත් කර ගැනුණා.
කෙසේ නමුත්, සුළි සුළඟ නිසා ඇද හැලූණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ජල ගැලීම් හටගෙන ඇති අතර, නිවාස රැසකට විදුලිය බිඳ වැටී තිබෙනවා.