Gossips

තායිලන්තයට සුළි කුණාටුවක්

දශක ගණනාවකට පසු ප්‍රබල ඝර්ම කලාපීය සුළි කුණාටුවක් ඊයේ තායිලන්තයට කඩාවැදුණා.
පබුක් ලෙස නම් කෙරුණු මෙම සුළි කුණාටුව හේතුවෙන් දකුණු දිග තායිලන්තයේ සංචාරක දිවයින් හුදෙකලා වී ඇති අතර, එහි ගුවන් තොටුපලද වසා දැමීමට සිදුව තිබෙනවා.
කෝ – ෆනන් නැමති සංචාරක දිවයිනේ සහ පමණක් සංචාරකයන් දස දහසක් පමණ මේ නිසා අතරමංව සිටින බවයි වාර්තාවන්නේ.
පුර සඳ සාදයන් සඳහා ප්‍රකට යාබද සමුයි දිවයිනද මෙලෙස සුළි කුණාටුව නිසා ප්‍රධාන ගොඩබිමෙන් වෙන්ව ඇති බව සඳහන්.
තායිලන්තයේ සංචාරක සමය උපරිම අන්දමින් පවතින අවස්ථාවක තායි බොක්කට හැමූ පබුක් සුළි කුණාටුව හේතුවෙන් දකුණුදිග ප්‍රදේශවල අධික වර්ෂාපතනයක් පවතින අතර, ගස් ඉදිරී විදුලිය විසන්ධි වී ඉමහත් විනාශයක් සිදුව තිබෙනවා.
මේ නිසා තායිලන්ත ගොඩබිම සිට ඊට ඔබ්බෙන් වූ සංචාරක දිවයින් අතර පාරු සේවාවන්ද නතර කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.