Gossips

තාත්තා මුණගැසුණු තරහට හත් හැවිරිදි දරුවා පිළිස්සූ මව

යකඩ පොල්ලක් රත්කර සිය දරුවාට දරුණු පිළිස්සුම් තුවාල සිදුකළ මවක් පිළිබඳ පුවතක් ඉන්දියාවේ නෙල්ලෝර් ප්‍රදේශයෙන් වාර්තා වනවා.
සිය හත් හැවිරිදි දරුවා තම පියා මුණගැසීම හේතුවෙන් උරණ වූ මව මෙලෙස සිය දරුවා පුළුස්සා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
දරුවා ඉපදීමෙන් අනතුරුව මෙම මව සහ පියා වෙන්ව ජීවත්ව ඇති බව සඳහන්.
පිළිස්සුම් තුවාල ලැබූ දරුවා රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර දරුවාගේ පියා විසින් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ පියාගේ පැමිණිල්ලෙන් පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව ඇති බවයි.