රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ චෝදනා එල්ල කළ හැකි සැබෑ සැකකරුවන් සිටී නම් ඔවුුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝග කළා.
ඒ ඊට අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේදීයි.
සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා, බස්නාහිර පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ආනන්ද සමරසේකර යන අයට මීට පෙර චෝදනා එල්ල වුණා.
එහෙත්, ඔවුන්ට එරෙහිව මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා සදහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි මහේස්ත්‍රාත්වරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ.
